නවතම පුවත්

ලංකාවේ සිරකරුවන් මාන්තිව් දූපතට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා එහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පලකලේ නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපත නිරීක්ෂණ චාරිකාවක් සඳහා පසුගියදා (23) එක්වෙමිනි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් සඳහන් කලේ පසුගිය කොවිඩ් සමය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයට ගෙන කොවිඩ් වැලඳුන ගුවන් හමුදා නිළධාරීන් නිරෝධායනය කිරීමට පහසුකම් සලසාදී තිබූ අතර මාන්තිව් ගොඩබිමේ මේ වන විට ළාදුරු රෝගීන් දෙදෙනෙකු පමණක් රඳවා සිටින දූපත ඉන් එහා ගිය මාතෘභූමියට ඵලදායී වැඩක් ලබාගත හැකි ස්ථානයක් වන බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙ වන විට සිරකරුවන්ගේ වැඩිවීම හේතුවෙන් අධික තදබදයකට ලක්ව දැනට ඒම ගොඩබිමෙහි රඳවාසිටින ළාදුරු රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බෝවන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරුකිරීමේ හැකියාව පවතින බව සඳහන් කල අමාත්‍යවරයා පවසා සිටියේ අදාල බලධාරීන් සමග සාකච්ඡා කර මෙම ස්ථානයේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව අවස්ථාවක් කරගන්නා බවයි.

මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!