ලංකාව ගැන චීන දැක්මට වඩා අපි වෙනස් – අමෙරිකානු රාජ්‍ය ලේකම්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව පිළිබඳව ඇමෙරිකාවේ දැක්ම , චීනයේ දැක්මට වඩා වෙනස් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අවධාරණය කර සිටී .

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පොම්පියෝ මහතා පැවසුවේ

තම ශ්‍රී ලංකා සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද ආරක්ෂක සහයෝගීතා සම්බන්ධයෙන් ද මෙරට බලධාරීන් සමග සාකච්ඡා කළ බවද පොම්පියෝ මහතා මෙහිදී පැවසීය .

“ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රටක් ලෙස ශ්‍රී ලංකාවට හා ඇමෙරිකාවට තිබෙන්නේ එක හා සමාන දැක්මක් බවද පොම්පියෝ මහතා මෙහිදී සඳහන් කල අතර චීනයට ඇත්තේ ඊට වඩා වෙනස් දැක්මක් බවද ඔහු පැවසීය

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සැම විට නොබැඳි මිත්‍රශීලි විදෙස් ප්‍රතිපත්තියක පිහිටා ඉදිරියටත් කටයුතු කරන බවය කරන බවය.