ලංකාව සමඟ ආරක්ෂක සබඳතා තර කරන බව ඉන්දියාව කියයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාවය සහ සබඳතාවය ශක්තිමත් කිරීමට උපරිම දායකත්වය ලබාදෙන බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක , නාවික කපිතාන් විකාස් සූද් මහතා අවධාරණය කර සිටී .

මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් සමග පසුගියදා පවතී සාකච්ජා මලාවකදී විකාස් සූද් මහතා මේ බව සඳහන් කළේය .

මෙම සාකච්ජා මාලාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර භාර අණ දෙන නිලධාරී, ශ්‍රී ලංකා යුධ හමුදාවේ 22වන සේනාංකාධිපති,ම ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමියේ අණ දෙන නිලධාරී සහ චීන වරාය සහ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති යන නිලධාරීන් මෙරට ආරක්ෂක අංශ වෙනුවෙන් සහභාගී වූහ .

මෙම සාකච්ජා මාලාවට සමගාමීව , දෙරට ජනතාව අතර වඩා සමීප සබඳතා ගොඩනැගීමට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ගනු ලබන ප්‍රයත්නයන්හි කොටසක් ලෙස ආරක්ෂක උපදේශකතුමා දරුවන් 50ක් පමණ සිටින ත්‍රිකුණාමලයේ සිවානන්ද තපෝවනම් ළමා නිවාසයට ගොස් ආධාර පිරිනැමීය.