නවතම පුවත්

ලංකා ඉතිහාසය වෙනස් කළ පොලිස් කාන්තාවෝ

අසංක

අසංක

දම්පත් රණසිංහ

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට කාන්තා නිලධාරීන් අට දෙනෙක් එකවර උසස්වීම් ලබා තිබේ.

කාන්තා නිලධාරිනියක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරකට උසස් වීම් ලබන්නේ විසි වසරකට පසුවය.

පොලිස් ඉතිහාසයේ මෙයට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයක් දරා ඇත්තේ එකම නිලධාරිනියක් පමණි. ඇය ප්‍රමිලා දිවාකර මහත්මියයි.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තා පළමු කාන්තා සැරයන්වරිය, උප පොලිස් පරීක්ෂිකාව, පොලිස් පරීක්ෂිකාව, ප්‍රධාන පොලිස් පරීක්ෂිකාව, සහකාර පොලිස් අධිකාරීවරිය සහ පොලිස් අධිකාරීවරිය වන්නේද ප්‍රමිලා දිවාකර මහත්මියයි.

ප්‍රමිලා දිවාකර මහත්මිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙස උසස් වීම් ලබන්නේ විශ්‍රාම ගැනීමත් සමගිනි.

ඇගෙන් පසු දසක දෙකක් තිස්සේ කාන්තා නිලධාරිනියකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලැබීමට ඇහිරී තිබුණු ඉඩකල විවරකර දෙන්නේ ජාතික පොලිස් කොමිසම විසිනි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයන්ට උසස් වීම් ලබන පොලිස් අධිකාරීනියන් වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිශානි සෙනෙවිරත්න , පර්යේෂණ සහ සංවර්ධන කොට්ඨාශයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයසුන්දර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝජ්‍ය විමර්ශන අධ්‍යක්ෂිකා පද්මිණි වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී දර්ශිකා කුමාරි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉමේෂා මුතුමාලි, පොලිස් මූලස්ථානයේ මදාරා ආරියසේන, සහ පොලිස් මූලස්ථානයේ නිෂ්කාශන අංශ ප්‍රධානී ධිමතී පෙරියප්පෙරුම යන මහත්මීන්ය.

පොලිස් ළමා හා කාන්තා කාර්යාශයේ අධ්‍යක්ෂිකා පොලිස් අධීකාරී ලංකා රාජිනී අමරසේන මහත්මියද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරය උසස් වීම් ලබා ඇති අතර ඇය සම්බන්දයෙන් යම් විමර්ශනයක් සිදුවෙමින් ඇති අතර එය අවසන් වූ වහාම ඇයට හිමි උසස් වීමද ලැබීමට නියමිතව ඇතැයි පොලිස් කොමිසම සදහන් කරයි.

මෙසේ උසස් වීම් ලද නිලධාරිනියන් අතර සිටින ඉමේෂා මුතුමාලි,දර්ශිකා කුමාරි සහ මදාරා ආරියසේන යන නිලධාරිනියන් මෙන්ම ලංකා රාජිනී යන නිලදාරිනිය සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස ඉතිහාසයේ පළමුවරට පොලිස් සේවයට එක්වූවන්ය.

ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ මෙම කාන්තා නිලධාරීනියන්ටද පොලිස්පතිධුරය දක්වා ඉහළට යන්නට අවශ්‍ය අවකාහ මේ වන විට පොලිස් කොමිසම විසින් සකස්කර හමාර බවය.

පොලිස් කාන්තා ඉතිහාසය වෙනස් කරමින් මෙම නිලධාරීණියන් ඉදිරි පස් වසර තුළ නියෝජ්‍ය පොලිස්පතිධුරයන්ට පවා උසස් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවත් එම නිලධාරිනියන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයන්ටද උසස්වනු ඇති බවත් එම නිලධාරියා පැවැසීය.

මෙම නිලධාරිනියන්ට පොලිස් පිරිමි නිලධාරීන් සමග උරෙන් උර ගැටී රාජකාරි කිරීමට ශක්තියක් ඇති බවත් ඉදිරියේදී මෙම නිලධාරිනියන්ට පොලිස් කොට්ඨාශ භාරදීම කෙරෙහි අවධානයක් යොමුව තිබෙන බවත් එම නිලධරියා වැඩිදුරටත් සදහන් කළේය.

රේණුකා ජයසුන්දර
පද්මිණි වීරසූරිය
ධිමති පෙරුප්පෙරුම
දර්ශිකා කුමාරි
ඉමේෂා මුතුමාලි
මදාරා ආරියසේන
ලංකා රාජනී අමරසේන
නිශානි සෙනෙවිරත්න
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !