ලන්ඩනයෙන් 208ක් එති – වැඩිදෙනෙක් මුදල් ගෙවන නිරෝධායනයට

Picture of අසංක

අසංක

ගෝලීය නව කොරෝනා වසංගතය හේතුවෙන් ලන්ඩන් නුවර සිටි ලාංකික සිසුන් 208 දෙනෙකු අද අලුයම පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයක් මගින් ඔවුන් මෙරටට ගෙන්වාගෙන තිබුණි.

එක් අයෙකු උණ හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර සෙසු 207 දෙනා නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

සිසුන් සහ ඔවුන්ගේ ගමන් මලු ගුවන්තොටුපලේදී විෂබීජහරණය කරන ලදී.

ඔවුන්ගෙන් බහුතරයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස මුදල් ගෙවා නැවතිය හැකි නිරෝධායනයට රජය වෙත වෙන්කරන ලද හෝටල් තෝරාගෙන තිබුණි.