ලන්ඩන් ප්‍රහාරයේ වගකීම ISIS බාරගනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ලන්ඩන් පාලම මතදී පෙරේදා දින එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි. එස් අයි එස් ත්‍රස්ත විසින් සංවිධානය භාරගෙන ඇත. අයි එස් අයි එස් සංවිධානයේ සටන්කරුවෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව, එම ත්‍රස්ත සංවිධානයට අයත් අමාක් වෙබ් අඩවියේ සටහන් කර ඇත . පෙරේදා රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මත සිදු වූ පිහි ඇණුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තව ත් තිදෙනෙකු තුවාල ලැබුහ.

එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, 28 හැවිරිදි උස්මාන් ඛාන් නමැත්තෙකි.එම අවස්ථාවේ පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඔහු මිය ගියේය ..