එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන පළමුවනදා සිට සියලු සුපිරි වෙළදසැල්, සතොස, සමුපකාර වෙළදසැල්වලට රජයේ මිලට සහල් ලබාදිමට පියවරගෙන තිබේ.
ඒ අනුව නාඩු රුපියල් 97 ට, සුදු හා රතු කැකුලු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන ඇත.
සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් අද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවිය.
එහිදි අදාල මිල ගණන් යටතේ වි අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමට ඔවුන් එකඟ වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මාස තුනකට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශිය වෙළදසැල් 4,000ක ජාලය හරහා දිවයිනපුරා මිලට ගැනිමට ලබන පළමු වනදා සිට අවස්තාව හිමිවේ.