කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු ලොතරැයි අලෙවිය ජුනි මස පළමුවනදා සිට යළි ආරම්භ කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත
ඒ අනුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලු ලොතරැයිපත් එදින සිට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ඉඩ ලැබේ ..
ලොතරැයිපත් අලෙවිය අත්හිටුවීමට පෙර අපේ‍්‍රල් මස 04 වනදා දිනුම් ඇදීමට නියමිතව තිබූ ශනිදා අවුරුදු වාසනා විශේෂ ටිකට්පත වෙළඳපොලට නිකුත් කර තිබූ බැවින් එම ටිකට්පත්, දිනය සංශෝධනය නොකර වෙළඳපොලෙහි පවතින බවද මණ්ඩලය සඳහන් කර සිටී
එම විශේෂ දිනුම් ඇදීම ජුනි මස 13 වනදා සිදු කෙරෙන බව ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය දැනුමේ දේ