“අප්‍රේල් 10 වන දා සිට විදුලි ඇණහිටීමක් ඇති නොවන විදිහට කටයුතු කිරීම අපි සියලුදෙනා භාරඅරන් තියෙනවා. මාස 3 /4 අපි ප්‍රවේසමෙන් කටයුතු කරන්න ඕනා. ඊට පස්සේ අපි තව මාස තුන හතරකින් ඉල්ලුම අනුව සැපයුමක් දෙන්න අපි කටයුතු කරනවා.” යැයි විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අද කැලණිතිස්ස විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව හෙතෙම මේ බව කියාසිටියේ ය.
” ලංකා විදුලිබල මණ්ඩලයත් මම පුද්ගලිකව සමාව භජනය කරනවා” යැයි ද අමාත්‍යවරයා ඒහිදී වැඩිදුරටත් සදහන් කළේය.