ලබන 30 දක්වා පළාත් අතර ගමන් තහනම්  – ජනපතිගෙන් නියෝග

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 මැයි 30 වැනිදා දක්වා පළාත් අතර  සංචරණ සීමා පනවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත ඊයේ (10) උපදෙස් දී තිබේ.
එමෙන්ම පිරිස් එක් රැස් වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්, වෙළඳ ආයතන තුළට පිවිසීම හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්, ආසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීමට ද ජනාධිපතිවරයා බලධාරීන් වෙත උපදෙස් දී ඇත.
කෙසේවෙතත් මෙම සීමා පැනවීමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.