ලාංකික ධීවරයින් 5ක් පාකිස්තාන ආරක්ෂක අංශ අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පකිස්තාන මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉකුත් 26 වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය රන්මැණිකා යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනෙකි. ,

අමිල සම්පත් , පැතුම් උෂේන් , මාලන් ප්‍රියංකර , එස්.එච්.අමිල තුෂාර ,හා එච්.එච්.සමිත කුමාර යන ධීවරයින් පස් දෙනා මෙලෙස පක්ස්තාන ආරක්ෂක අංශ භාරයේ දැනට පසුවේ.