ලීට්‍රෝ ගෑස් ගණන් උස්සයි

Picture of අසංක

අසංක

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 250/- කින් ඉහළ දමා ඇත. ඒ අනුව පෙර මිල රු. 4,360/-ක්ව පැවති එහි නව මිල රු. 4,610/- කි.

කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරය රු. 100/-කින් ඉහළ දැමේ. ඒ අනුව පෙර මිල රු. 1,750/-ක්ව පැවති එම සිලින්ඩරයක නව මිල සිට රු. 1,850/-කි.

කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රු. 45/- කින් ඉහළ දමා තිබේ. එහි පෙර මිල රු. 815/-ක්ව පැවති අතර නව මිල රු. 860/- කි.