ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු 334කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 4743 ක් බවකි.
එමෙන්ම 5 kg සිලින්ඩරයක නව මිල රුපියල් 1904 ක් වන අතර 2.5 kg සිලින්ඩරයක් රුපියල් 883 ක් වේ.
නැවත මිල සංශෝධනයක් මාර්තු මාසය මුලදී සිදු කරන බව ද එම සමාගම කියයි.