මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම අනිද්දා (23) සිට ආරම්භ කෙරේ .
පැමිණිලි අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ඊමේල් ගිණුමක් සහ දුරකතන අංකයක් ද හඳුන්වාදීමට නියමිත බව කමිටුවේ ප්‍රධානි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා මාධ්‍ය වෙත පැවසීය .
දැනට එම පැමිණිලි ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01 යන ලිපිනයට ඉදිරිපත් කළ හැකි වේ. එසේම ඊට අමතරව කමිටු නියෝජිතයින් හමුවීමට අතිරේක දින 2 ක් ලබාදීමට ද සැලසුම් කර ඇත .
, අදාළ යෝජනා පැමිණිලි සහ අදහස් විමසා බැලීමට සහ ඉදිරි කටයුතු පුළුල් කිරීමට ජනාධිපති නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන් සහ වෘත්තිකයින්ගේ 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කිරීමට අපේක්ෂා කරන බව රෝහනධීර මහතා පැවසීය