ලෙබනනයට ලෝකෙ වටෙන් ආධාර

Picture of අසංක

අසංක

ලෙබනනය යළි ගොඩනැගීම සඳහා යුරෝ බිලියනයක ආධාර ලබාදීමට ලොව පුරා විවිධ රාජ්‍ය හා සංවිධාන ඉදිරිපත්වී ඇත.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ පරිත්‍යාගශීලීන් යුරෝ මිලියන 300කට ආසන්න මානුෂීය ආධාර සෘජුවම ලබාදීමටද සැලසුම් කර ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කර සිටී.

එසේම ප්‍රංශය, අමෙරිකාව ඇතුළු රටවල් රැසක් ද ලෙබනනයට ආධාර ලබාදීමට ඉදිරිපත් ව ඇත.

ලෙබනනයේ ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර කඩිනමින් සැපයීමට ජගත් සන්විධානය් විශේෂ වැඩපිළිවෙලක්ද මේ වනාන්විට ආරාම්භ කර ඇත.