කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපායන මාර්ග අහිමිවන පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත .
දැනටමත් ඒ සඳහා මුදල් වෙන් කර ඇති අතර ලබන සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම දීමනාව ලබාදීමේ කටයුතු ආරම්භ කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටී