ලොවපුරා කොරෝනා මරණ පන්ලක්ෂ හැට දහස ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (11) පස්වරු 03 පසුවන විට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ‍563,261 ක්

බව ලොව ප්‍රකට අන්තර්ජාල දත්ත වාර්තා කරන worldometers.info වෙබ් අඩවිය පවසයි.

එසේම මේ වනවිට ලොව පුරා වෛරසය ආසාදිත වූවන් 12,647,830 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ලක්ෂ 7,382,562 කට වැඩි ආසාදිතයන් පිරිසක් දැනට සම්පූර්ණ සුවය ලබා ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.