ලොවපුරා පුද්ගලයන් කෝටි දෙකකට වඩා වැඩි පිරිසකට කොරෝනා ආසාධනය වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් 19 වෛරසය මේ වනවිට ලොවපුරා පුද්ගලයන් කෝටි දෙකකට වඩා වැඩි පිරිසකට ආසාධනය වී ඇත. අද (10) උදෑසන වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණය දෙකෝටි විසිපන් දහස් හත්සිය අසූ හතරකි. (2,00,25,784)

වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 734,012 ක් වන අතර මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 6,391,455 කි. ඔවුන්ගෙන් 64,661 ක් බරපතල අසාධ්‍ය තත්වයේ පසුවේ.

වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් මෙන්ම වැඩිම මරණ ප්‍රමාණයක් ද වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එරට තුළ පුද්ගලයන් මිලියන 5.2 කට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් 165,617 කට වෛරසය හේතුවෙන් සිය ජීවිතය අහිමි වී තිබේ.

දෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් මිලියන 03 කට වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් මෙතෙක් වාර්තා වී ඇති අතර 101,136 කට සිය ජීවිතය අහිමි වී තිබේ. ඉන්දියාවෙන් මිලියන 2.2 ක ආසාදිතයන් ප්‍රමාණයක් හා මරණ 44,466 ක් වාර්තා වී තිබෙ.