ලොව දෙවැනි වතාවට එච්අයිවී ආසාධිත රෝගියකු මුළුමනින්ම ඉන් මිදීමේ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.
අතිසාර්ථක ලෙස ඇට මිදුලු බද්ධ කිරීමේ ප්‍රතිකාරයකින් පසුව ඔහු එච්අයිවී රෝගයෙන් මුළුමනින්ම නිදහස් වූ බව විදෙස් වාර්තා සදහන් කරයි.
එච්අයිවී වෛරසයට විරුද්ධව සටන් කරන දුර්ලභ ජානමය වෙනස්කම් ඇති දායකයකුගෙන් ඇට මිදුලු ලබාගෙන මොහුට බද්ධ කිරීමේ සැත්කම සිදුකර ඇත්තේ වසර 3කට පෙරයි.
ඉන්පසුව මාස 18ක කාලයක් ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගෙන ඇති අතර අතිශය සියුම් පරීක්ෂණ ගණනාවකට මොහු භාජනය කිරීමෙන් පසුව වෛද්‍යවරුන්ට එච්අයිවී පිළිබද කිසිදු සාක්ෂියක් සොයාගැනීමට නොහැකි වූ බව එම වාර්තා පෙන්වා දෙයි.
‘අපිට ඔහු තුළ වෛරසයේ අංශු මාත්‍රයක් හෝ සොයාගැනීමට නැහැ.’ යැයි එච්අයිවී ජෛව විද්‍යාඥ, මහාචාර්ය රවින්ද්‍ර ගුප්තා පවසයි.
මෙම තත්වය නිසා දිනෙක ඒඩ්ස් රෝගය තුරන් කිරීමට හැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
නමුත් මෙමගින් එච්අයිවී වෛරසයට ප්‍රතිකාර ලද බවට කිව නොහැකි බව ද ඔවුහු අවධාරණය කර සිටිති.
මෙය දැනට එච්අයිවී වෛරසය තවදුරටත් බලනොපැවැත්වීමට සාධකයක් ලෙස පමණක් සළකා බැලෙන බව ද ඔවුහු සදහන් කර සිටිති.
ලොව පුරා සිටින එච්අයිවී ආසාධිත ගණන මිලියන 36.7කි.
අප්‍රිකාව | 25.6 මිලියන |
අමෙරිකාව | 3.3 මිලියන |
ගිනිකොණදිග ආසියාව | 3.5 මිලියන |
යුරෝපය | 2.4 මිලියන |
බටහිර පැසිෆික් | 1.5 මිලියන |
නැගෙනහිර මධ්‍යධරණී | 0.36 මිලියන |
1980 සිට අද වනතෙක් | සංඛ්‍යාව (සියලුම) | ළමුන් |
එච්අයිවී රෝගීන් | මිලියන 37 | මිලියන 1.8 |
එච්මිඅයිවී හේතුවෙන් මියගිය සංඛ්‍යාව | මිලියන 35 |
මූලාශ්‍ර – ලෝක සෞඛ්‍ය සංවිධානය
ප්‍රබෝධා හෙට්ටිආරච්චි