ලොව ප්‍රමුඛතම ගුවන් සමාගමක් මත්තලට ගුවන් ගමන් අරඹයි

Picture of අසංක

අසංක

ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන පිලිපීනයේ එයා ඒෂියා ගුවන් සමාගම මත්තල ගුවන් තොටුපළ වෙත සිය ගුවන් ගමන් ආරම්භ කර ඇත.

ඒ අනුව ඊයේ (09) දින දහවල් 1.30 ට ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා පිලිපීන ජාතික මුහුදු නාවිකයන් 11 දෙනෙකු රැගෙන පිලිපීනයේ මැනිලා නුවර සිට මෙම ගුවන් සේවයේ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එසේම මෙම ගුවන් යානය ගාල්ල වරායේ සේවය නිමා කළ තවත් පිලිපීන ජාතික මුහුදු නාවිකයන් 14 දෙනෙකු රැගෙන අද (10) දින පිලිපීනයේ මැනිලා නුවර බලා මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය.