ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි විසි ලක්ෂය ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පිලිපීනයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය දිනයේ (08) නව කොරෝනා වෛරස ආසාදිතයන් 2,539ක් වාර්තා කර ඇති අතර,

එය තහවුරු වී ඇත්තේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයන්ගේ විශාලතම දෛනික වැඩිවීම ලෙසිනි.

ඒ අනුව පිලිපීනයේ මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යා 50,359ක් ලෙසිනි.

මෙම ආසාදිතයන්ගෙන් පහෙන් එකක් පසුගිය දින පහ තුළ තහවුරු වී තිබීමද විශේෂත්වයකි.

මේ අතර ගෙවීගිය දිනයේ අතිරේක මරණ 5ක් පිලිපීනයෙන් වාර්තා වන අතර,

එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 1,314ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ලොව දිගම අගුලු දැමීමේ පියවර ක්‍රියාත්මක කළ පිලිපීනය,

සිය නීති නැවත දැඩි කළ හැකි බව එරට රජය අනතුරු අඟවා තිබේ.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

දත්ත වාර්තා අනුව මේ වනවිට එම අගය දැක්වෙන්නේ 12,012,720ක් ලෙසිනි.

එසේම කොරෝනා ආසාදිතයන් වෛරසය ආශ්‍රිතව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 548,914ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි.