මේ වන විට ලොව පුරා නව කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව 479,000 සීමාව පසුකර ගොස් තිබේ.
worldometers.info වෙබ් අඩවියට අනුව අද (24දා) උදෑසන වනවිට එම අගය දැක්වුණේ 479,805ක් වශයෙනි.
මේ අතර ලෝකයේ නව කොරෝනා ආසාදිත අගයද 9,353,735 ක් ලෙස දක්වා තිබේ.
එසේම වෛරසය ආසාදිතව සිට සම්පූර්ණ සුවය ලැබූ ගෝලිය අගයද 5,041,711 ක් ලෙස සදහන් වේ.
විශේෂයෙන්ම මේ වනවිට ඇමෙරිකානු කලාපයේ උතුරු ඇමෙරිකාවේ සහ ලතින් ඇමෙරිකානු රටවල මෙන්ම
දකුණු ආසියාවේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශයේ සහ අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල
වෛරසය පැතිරීම වේගවත් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම තවත් සෞඛ්‍ය විශේෂඥයන් රැසක් අනතුරු අඟවා තිබේ.