ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 29,445,847 ක් worldometers.info වෙබ් අඩවිය අද (15දා) උදෑසන වාර්තා කරනවා.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 932,706 ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 21,280,193 කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද වෙබ් අඩවිය පවසයි.