ලොව පුරා කොරෝනා රෝගීන් ගණන මිලියන 6 ඉක්මවයි

Picture of අසංක

අසංක

ලොවපුරා කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව අද දිනයේදී මිලියන 06 යේ සීමාව ඉක්මවා ගියේය .

ඒ අනුව . මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 6,03,666 ක් වන අතර ඊයේ දිනයේදී පමණක් වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 125,511 කි.

කොරෝනාව්‍යාප්තිය අනුව මේ වනවිට යුරෝපා කලාපය අභිබවමින් බ්‍රසීලය, රුසියාව සහ ඉන්දියාව පෙරමුණට පැමිණෙමින් තිබෙන අතර යුරෝපා රටවල් අතරින් තවමත් දෛනිකව සැලකිය යුතු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් පමණි.

මේ දක්වා ලොව පුරා ආසාදිතයන් 366,896 දෙනෙකු මියගොස් ඇති අතර සුවය ලබා ඇති ප්‍රමාණය 2,661,257 කි.