ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් එක්කෝටි පහලොස් ලක්ෂයේ සීමාව පසුකරමින් සිටි.
එම දත්ත වාර්තා වලට අනුව අද (07දා) උදෑසන එම අගය පැවතුණේ 11,559,213 ක් වශයෙනි.
එමෙන්ම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසයට ගොදුරුව සිදුව ඇති ජීවිත හානි 536,786 ක් බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ වනවිට වෛරසය ආසාදිතව සම්පූර්ණ සුවය ලැබූවන් 6,535,902 ක් බවද දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.