ලොව පුරා ත්‍රස්තවාදයට ළමුන් යෙදීම ඉහළ ගිහින්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගතයේ අතුරු ප්‍රතිඵලයක්  ලෙස ගෝලීය වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා ළමුන් යොදා ගැනීමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාකච්ඡාකදී අනාවරණය වී ඇත .

ළමුන් සහ සන්නද්ධ අරගල පිළිබද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවේදී  මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ඉන්දියාව විසිනි.

එම සාකච්ඡාව අමතමින් ඉන්දීය  විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්දන් ශ්‍රින්ග්ලා සදහන් කර ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ළමුන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය , පවුලේ රැකවරණය , සෞඛ්‍ය පහසුකම් ආදිය අහිමිව සමාජ අර්බුද රැසක⁣⁣ට මැදිව ඇති බවය

මෙම දුර්වල තත්වය ප්‍රයෝජනයට ගෙන එම ළමුන් ත්‍රස්තවාදී කටයුතු සදහා සම්බන්ධ කර ගැනීමේ තත්වයක් ගෝලීය වශයෙන් මතුව ඇති බව ඔහු එහිදී හෙළිදරව් කරඇත ..

අදාළ ළමුන්ගේ දුර්වල සමාජ තත්වය හේතුවෙන් ඔවුන් පහසුවෙන් ත්‍රස්ත සංවිධානවගට බදවා ගැනීම මෙන්ම බලහත්කාරයෙන් පැහැරගෙනයාමටද ලක්වන බවද  ඉන්දීය විදේශ අමාත්‍යාංශය ලේකම්වරයා මෙහිදී සදහන් කර ඇත.

මෙම තත්වය වහාම වෙනස් කළ යුතු බවටත් ඒ සදහා රටවල් වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමටත් අදාළ රැස්වීමට එක්වූ  ජගත් ආරක්ෂක මණ්ඩල නි⁣යෝජිතයන් එකගතාවය පළකළ බව සදහන්වේ