ලොව මිල අධිකතම මාස්ක් එක ඩොලර් ලක්ෂ 15ක්

Picture of අසංක

අසංක

ලොව වඩාත්ම මිල අධික කොවිඩ් -19 මුඛ ආවරණය කළු දියමන්ති 3,600 ක් ඔබ්බවා කැරට් 18 සුදු රනින් නිමවා තිබේ.

එහි වටිනාකම ඩොලර් මිලියන 1.5ක් පමණ වේ.

එක්සත් ජනපදයේ වෙසෙන චීන ව්‍යාපාරිකයෙකු මෙම මුඛ ආවරණය ඇණවුම් කර තිබේ.

ඇණවුම ලබාගත් ඊශ්‍රායල් ස්වර්ණාභරණ සමාගම පවසන්නේ රන්, දියමන්තවලින් ආවරණය කර ඇති මෙම මුහුණු ආවරණය ඉහළ ශ්‍රේණියේ N99 ෆිල්ටරවලින් සවිකර ඇත.

මෙය ඇනවුම් කළ ව්‍යාපාරිකයාගෙ අනන්‍යතාව මෙතෙක් හෙළිකර නැතත් ඔහුට මෙවැනිම තවත් මුඛ ආවරණ දෙකක් ඇනවුම් කර ඇතැයි ආභරණ නිර්මාණකරු පවසයි.

YouTube player