ඇමෙරිකා එක්සත් ජනපදය ලොව වෙනත් කිසිදු රටකට වඩා වැඩිම කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 85,594ක් ලෙස වාර්තා කර තිබේ.
මීට පෙර වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වී තිබුණේ 81,340කට ආසන්න ආසාදිතයන් පිරිසකි.
ඒ අනුව නව කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් සිදුවූ මරණ හේතුවෙන් ඇමෙරිකාවේ මේ වනවිට පුද්ගල මරණ 1,300ක් පමණ සිදුව තිබේ.
එරට සියලු ප්‍රාන්ත 50න්, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවල වාර්තා වූ ආසාදිතයන් මෙන්ම, නැවත එක්සත් ජනපදයට ගෙන්වා ඇති සියලුම ආසාදිතයන් මෙම අගයට ඇතුළත් වේ.