මෙතෙක් දිනකට වාර්තා වූ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වී ඇත .
ඒඅනුව ගෙවුණු පැය 24ක කාලය තුළ ආසාදිතයින් 161736ක් එරටින් හමුවී ඇත
ඊයේ දිනයේදී කොවිඩ් මරණ 879ක් වාර්තා වී ඇති අතර සමස්ත කොවිඩ් මරණ 171,058ක් ලෙස ඉහළ ගොස් ඇති බවද සඳහන්වේ .
ඉන්දියාවේ පවතින දරුණු ව්‍යාප්තිය හමුවේ, වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන දෙවන රට ලෙස ඉන්දියාව ඉදිරියට පැමිණ ඇත්තේ දෙවෙනි තැන සිටි බ්‍රසීලය අභිබවා යමිනි.
වෛරසය පාලන ක්‍රියාවලියේදී බොහෝ අවස්ථාවල ජනතාව ඊට අනුගත නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇති අතර දැන් පසුවන්නේ ඉතා අසීරු අඩියක බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.