අද සවස සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි වාර්තා කර තිබුණේ ලෝක වෙළද මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ශරීරගතවීමෙන් පුද්ගලයකු රෝහල් ගතකළ බවයි.
එහෙත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අප වෙත වාර්තා විය. සිදුව ඇත්තේ පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා මාතර ප්‍රදේශයේ සිට කොළඹට පැමිණි පුද්ගලයකු ලෝක වෙළද මධ්‍යස්ථානය තුළ ක්ලාන්ත වීමකින් අනතුරුව එහි සේවකයන් විසින් රෝහල්ගත කිරීමයි.
එම පුද්ගලයා උදෑසන හෝ දහවල් ආහාර නොගැනීම හේතුවෙන් ක්ලාන්ත වී ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.