ලෝකයේ නව කොරෝනා (කෝවිඩ් 19) වෛරස ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවේදී මිලියන 3 ඉක්මවා ගියේය .
මේ වනවිට කෝවිඩ් 19 ආසාදනය වීමෙන් ජීවිත අහිමි වූ පිරිස ලක්ෂ 2ක ඉක්මවා ඇති අතර වෛරසය ආසානයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 9කට ආසන්න ය.
අමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම් එල්ල වූ රට වන අතර එරට මිලියනයකට ආසන්න ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වේ.
එරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව පනස්පන් දහස ඉක්මවා ගොස් ඇත.