ලෝ පුරා ලක්ෂ 18ක් කොරෝනා නිසා මිය යා හැකි බවට අනතුරු ඇඟවෙයි

Picture of අසංක

අසංක

නව කොරෝන වෛරසය හේතුවෙන් ලොවපුරා පුද්ගලයන් 1,800,000 කට වැඩි ප්‍රමාණයක් මිය යා හැකි බව ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ විද්‍යාඥයන් පිරිසක් අනතුරු අඟවා සිටී

බොහෝ රටවල් වෛරසය මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගනිමින් සිටින තත්වයකදී වුවද මරණ ප්‍රමාණය මෙපමණ විශාල විය හැකි බවද එම විද්‍යාඥයන් පිරිස පෙන්වා දෙ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ වෙනත් සමාජ සාධක සැලකිල්ලට ගනිමින් අදාල විද්‍යාඥයන් පිරිස මෙම මතය ඉදිරිපත් කර ඇත.

අවශ්‍ය උපරිම පියවර නොගතහොත් ලොවපුරා අතිශය බහුතරයකට මෙම වෛරසය වැළඳිය හැකි බවත් එසේ වුවහොත් මිලියන 40 කට වැඩි ප්‍රමාණයක් මිය යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙ.