ජල ගාස්තු වැඩි කිරීමට රජයේ කිසිදු සූදානම් නොමැති බව ජලසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටී .
ඔහු කියා සිටියේ ජල ගාස්තු වැඩිවන්නේ නම් එය සිදුකළ යුත්තේ ඉහළ ජල පරිභෝජනයක් සහිත ඉහළ ආදායම් ලබන පාර්ශව සදහා පමණක් බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය
නිසි අධ්‍යයනයකින් පසු මෙරට සියලූ ජනතාවට පානීය ජල පහසුකම් ලබාදීම සදහා රජය වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය