වතු කම්කරු වැටුප් ඉහල දැමීමේ ගැසට් පත්‍රය හෙට නිකුත්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරෙන ගැසට් නිවේදනය හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිතව ඇත .
පඩි පාලක සභාව ගත් තීරණයක් අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප එලෙස වැඩි කිරීමට පියවර ගත් බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා  මාධ්‍යවෙත පැවසීය

අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු පඩි පාලක සභාව ගත් මෙම තීරණය බලාත්මක වන බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.