වධහිංසා පිළිබඳ ජගත් කමිටුව උතුරේ රැඳවුම් කඳවුරු නිරීක්ෂණයට ඉල්ලයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

,වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අතුරු කමිටුව, මෙරට ආරක්ෂක කඳවුරු කිහිපයක් හා උතුරේ දැනට පවත්වාගෙන යන රුඳවුම් කඳවුරු 4ක් නිරීක්ෂණය කිරීමට විශේෂ අවසරයක් ඉල්ලා ඇත .

මේ දිනවල මෙරට නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින මෙම කමිටුව මේ පිලිබදව ලිඛිතවම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති අතර , ආරක්ෂක අංශ වෙතද විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් මෙම ඉල්ලීමට මෙතෙක් අවසරය ලැබී නැති අතර ආරක්ෂක අංශ වෙතින් මේ පිළිබඳව කරුණු විමසීමටද රජය දැනට කටයුතු කරමින් සිටී.