වනාතමුල්ල ප්‍රදේශයේ ඇතැම් ස්ථාන හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළ ද තවදුරටත් එහි කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.
ඒ අනුව නිදහස් කර තිබූ වනාතමුල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ ඊයෙ covid-19 වෛරසය ආසාදිතයින් 58 දෙනෙකු හමු වී ඇත.
වනාතමුල්ල ප්‍රදේශය තුළ පිහිටි දින 50ක් තිස්සේ හුදකලා කර තිබූ හල්ගහකූඹුර පොලිස් වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.
නමුත් එම ප්‍රදේශවාසීන්ට තම පොලිස් වසමෙන් ඉවතට ගමන් කිරීමට නොහැකි වී ඇත්තේ අවට ප්‍රදේශය හුදෙකලා කර තිබීම නිසයි.