වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය හමුවීම භයානක සිද්ධියක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනුවත් කරමින් ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟ වූ බව ශානි අබේසේකර මහතා පාස්කු කොමිසම හමුවේ අද(26) අනාවරණය කර තිබේ.
පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී එම අනතුරු ඇඟවීම කර ඇත.
එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර නමැත්තා විසින් කළ ප්‍රකාශ පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ගිය අවස්ථාවේ දී මෙම අනතුරු ඇඟවීම කළ බව කොමිසමේ දී අනාවරණය විය.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සටහන් කරගැනීමට ගොස් ඇත්තේ රාත්‍රී කාලයේ ය.
එම ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමට ජනාධිපතිවරයා රාත්‍රී භෝජනයක් ලබාදී තිබේ.
එම රාත්‍රී බෝජනයට සම්බන්ධ වූ නිලධාරීන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, එවකට එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක මුණසිංහ ඇතුළු කිහිප දෙනෙකු සහභාගී වී තිබේ.
රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී රවි සෙනෙවිරත්න මහතා මෙම අනතුරු ඇඟවීම ජනාධිපති වරයාට කළ බව ශානි අබේසේකර මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.
ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ මේ බව සාකච්ඡා කිරීමට ආරක්ෂක මණ්ඩලය කැඳවන්නම් යනුවෙනි.
එහෙත් ඒ පිළිබඳ සොයාබැලීමට ආරක්ෂක මණ්ඩලය කැඳවූයේ නැතැයි ද ශානි අබේසේකර මහතා අද අනාවරණය කර ඇත.