වප් පෝදා ධාතූන් වහන්සේලා රැගෙන භික්ෂූහු සියක් නමක් කුසිනාරාවට වැඩම කරති

Picture of අසංක

අසංක

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල එරට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත වූ අතර එම උත්සවය නිමිත්තෙන් ගුවන්තොටුපළට ගොඩබසින ලද පළමු ගුවන් යානය වූයේ මෙරට සියක් මහා සංඝරත්නය, ධාතූන් වහන්සේලා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මැති ඇමතිවරු ඇතුළු දූත පිරිස රැගත් ගුවන් යානයයි.

මෙම ඓතිහාසික ගමනට බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් පරිදි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ ඇතුළු ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් වැඩම කළහ.

වප් පුන් පොහොය යෙදෙන අද වැනි දිනෙක, බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා වදාළ කුෂිනාරා නුවර ගුවන් තොටුපළට, ශ්‍රී ලංකාවේ සිට වැඩම කරවන ලද වස්කඩුව කපිලවස්තු ධාතූන් වහන්සේ සමග ඉන්දු-ලංකා ගැඹුරු  සංස්කෘතික සබඳතා සංකේතවත් කරමින් සිදුකරන ලද එම ගුවන් ගමන ඉතිහාස ගත විය.