වයස අවුරුදු 12 ට වැඩි පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි රජයේ අවධානය ‍

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

“අපි මුලින්ම අවුරුදු 60ට වැඩි අයට එන්නත් ගැහුවා. ඊට පස්සේ 30ට වැඩි අයට එන්නත් ලබාදුන්නා. ඊට පස්සේ 18ට වැඩි අයට ලබාදෙන එක ගැනත් 12ට වැඩි පාසල් ළමුන්ට ලබාදෙන එක ගැනත් අපි සලකා බලාගෙන යනවා. මේක පිළිවෙලකට කරන්න ඕනේ නිසා තමයි අපි මේ වයස් කාණ්ඩ විදියට, කණ්ඩායම් හැටියට මේ එන්නත්කරණය කරන්නේ. එහෙම නැතුව සල්ලි නැති කිසිම ප්‍රශ්නයක් නෑ. එන්නත් ගේන්න හොඳට සල්ලි තියෙනවා. අපිට එන්නත් අපිට හොඳට ලැබෙනවා. 18 -30 අතර කාණ්ඩයටත් අපි නුදුරේ දීම එන්නත් ලබාදීම ආරම්භ කරනවා.”