වරාය නගර පනතට අදාළ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධනවලට රජය එකඟවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දු සහ සංශෝධන සම්බන්ධයෙන් රජය එකඟ වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී .

ඒ අනුව එම සංශෝධනයන් කඩිනමින් සිදුකිරීමටද රජය පියවර ගන්නා බව ඒ මහතා පැවසීය

අදාළ සංශෝධනයන්ගෙන් පසුව   පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු පැවසීය.