වලපනේ භූ චලනයක්

Picture of අසංක

අසංක

නුවරඑළිය, වලපනේ ප්‍රදේශයේ අද (31) අළුයම 03.00ට පමණ සුළු භූ චලන තත්ත්වයක් හටගෙන තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසන්නේ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක ප්‍රබලත්වයකින් යුත්ත බව ය.

මහකනදරාව, පල්ලෙකැළේ සහ හක්මන යන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති භූ කම්පන මානවල එම භූ කම්පනය සටහන්ව ඇත.

පසුගිය ජනවාරි 22 වන දින ද රිච්ටර් මාපකයේ ඒකක 1.8ක පුබලත්වයකින් යුත් භූ කම්පනයක් එම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි.