කොරෝනා ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය වසර තිහකට පසු සිදුවූ දරුණුතම ආර්ථික අවපාතයට මුහුණ දෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා අනාවරණය කර සිටී.
ගතවූ මාස තුනට සාපේක්ෂව අපේ‍්‍රල් සිට ජුනි දක්වා කාර්තුවේදී ඕස්ටේරලියාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 7 කින් පහල ගොස් ඇති බවද එම වාර්තා පෙන්වාද.
එය සැලකෙන්නේ 1959 න් පසු එරට සිදු වූ විශාලතම ආර්ථික පහත වැටීම ලෙසය. අඛණ්ඩව කාර්තු දෙකක ඝෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කලහොත් එය රටක ආර්ථික අවපාතයක් ලෙස සැලකේ.
කෙසේ වෙතත් ආර්ථික ක‍්‍රියාකාරකම්වල දැඩි පහත වැටීමක් තිබියදීත්, විශාල පසුබෑමකට ලක්ව ඇති අනෙකුත් බොහෝ දියුණු ආර්ථිකයන්ට වඩා ඕස්ටේ‍්‍රලියාවේ තත්වය තවමත් යහපත් බවද එම වාර්තා සඳහන් කර ඇත.