වහාම හදිසි නීතිය අවලංගු කරන්න – නීතිඥ සංගමය

Picture of අසංක

අසංක

වහාම හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසිනි.

හිටපු ජනාධිපති වරයා ඉල්ලා අස්වීම දක්වා තල්ලු වූ මෙම විරෝධතා හදිසි නීතිය ප්‍රකාශ කිරීම හරහා පාලනය කළ නොහැකි බව නීතිඥ සංගමය අවධාරණය කර සිටී.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හරහා භාෂණය හා ප්‍රකාශන නිදහස ඇතුළු සාමකාමීව රැස්වීමේ නිදහස වැනි ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙයි.