වාකරේ කැලෑපාලුවෝ සොයා STF මෙහෙයුම්

Picture of Roshan

Roshan


දම්පත් රණසිංහ

වාකරේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි වන රක්ෂිතයන්  ඇතැම් කණ්ඩායම් විසින් සංවිධානාත්මක ලෙස හෙළිකරමින් සිටින බව පොලීස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

එසේ වන රක්ෂිතයක අක්කර 10 ක කොටසක් හෙළි පෙහෙළිකරමින් සිටි සිව් දෙනෙක් විශේෂ කාර්ය බලකායේ වාකරේ කදවුරේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

වාකරේ පදිංචිකරුවන් වන සැකකරුවන් අවුරුදු 35,48,55 සහ 67 යන වයස්වල පසුවන්නන් බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

සංවිධානාත්මකව රක්ෂිත හෙළි පෙහෙළිකරමින් මුලින්ම වහාබිම් සකසා පසුව ගම්මාන බිහි කිරීම් කරන බව බුද්ධි අංශ සදහන් කරයි.

කාලයක් තිස්සේ නැගෙනහිර පළාතේ මෙවන් ඡාවාරම් සිදුවන බව බුද්ධි අංශ පවසයි.