පැතුම් වික්‍රමරත්න
සියලුම වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඊයේ (4) දින ප්‍රකාශ කළේය .
රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය
එහිදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “ජනවාරි 22 වනදායින් පස්සේ මේ රටට එන සියලු වාණිජ ගුවන් යානා සඳහා එන්න අවස්ථාව ලබාදෙන්න අපි බලාපොරොත්තුවෙනවා. ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රට විවෘත කළ යුතුයි,” යනුවෙනි.