2020 වර්ෂයේ තුන්වැනි පාසල් වාරය අදින් (23) දිනයෙන් අවසන් වූ අතර සියලුම පාසල් සිසුන් ඊළඟ ශ්‍රේණියට උසස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ඒ අනුව බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 2021 වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 11 වැනි දින ආරම්භ වීමට නියමිතය.
පාසල් පෙළපොත්, මෙම වර්ෂය අවසානයේ දී සියලු සිසුන් වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත.
මේ අතර 2020 විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම් පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස්දී තිබේ.
ඒ අනුව 2021 වර්ෂයේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක අතරතුර පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙළක් යොදාගනිමින් එම විෂය කොටස් ආවරණය කිරීමට පියවර ගත යුතුය