ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දැනට තහනම් කර ඇති වාහන ආනයනය පිළිබඳව තීරණයක් ගැනීම පිළිබඳව,මෙම වසර අවසානයේ දී සළකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෝටර් රථ ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකය පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රට තුළ වසර දෙකකට පමණ ප්‍රමාණවත් වාහන තොග ඇති බවය.
ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය සමනය කිරීමට රජයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වූ බවත් ඒ අනුව තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් මත පසුගිය මාර්තු මාසයේ සිට ආනයන සීමා පැනවීමට රජය කටයුතු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ යටතේ මෝටර් රථ ආනයනය ද සීමා කරන්න අපට සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා මේ රටේ අවුරුදු දෙකකට පමණ ඇතිවෙන්නට වාහන තිබූ නිසා එම තීරණය ගත් බවද සඳහන් කළේය. මේ වාහන අපේ රටේ තියෙන නිසා අපට පුළුවන් වුණා වාහන අලුතෙන් ආනයනය නොකිරීමට, ඒ් තහනම දිගටම පවත්වා ගෙන යන්නට.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ මේ වසර අවසන් වන විට සලකා බලා තීරණයක් ගන්නා බවත් මෙම ආනයන සීමා තාවකාලික පදනම මත පනවා ඇති බැවින් ඉදිරියේ දී විනිමය අනුපාතය ස්ථාවරත්වය මත ඒම සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා කීය