වාහන සහතික, රියදුරු බලපත් කුරියර් මගින් ගෙදරටම

Picture of අසංක

අසංක

වාහනයක් ලියාපදිංචි කිරීමේ දී නිකුත් කරනු ලබන වාහන ලියාපදිංචි සහතිකය, වාහන අංක තහඩු, ස්ටිකර්, රියදුරු බලපත්‍ර සීඝ්‍රගාමී කූරියර් සේවාවක් ඔස්සේ මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

මෙරට පවතින ක්‍රමවේද යටතේ ඒවා ලබා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් සහ වියදමක් දරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතු වේ.

නව රියදුරු බලපත්‍ර ලියාපදිංචි තැපෑලෙන් සේවා දායකයින් වෙත යොමු කිරීමේදී ද යම් ප්‍රමාදයක් සිදුවන බව පෙනී ගොස් ඇත.

ඊට පිළියමක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක සීඝ්‍රගාමී කුරියර් සේවාව යටතේ එම ද්‍රව්‍ය සේවාදායකයාගේ නිවසට ගෙන ගොස් භාර දීමට හැකි වන අයුරින් යෝග්‍ය වැඩපිළිවෙළක් දියත් කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.