දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී මෙරටින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටි
ඒ අනුව අද දිනයේදී මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 976ක් වාර්තා වී ඇත. එම ආසාදිතයින් ගෙන් 971ක් දෙනෙකු පෑලියගොඩ පොකුරට සම්බන්ධ අයවළුන් වන අතර සිව්දෙනෙකු බන්ධනාගාර පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් වේ.
ඊට අමතර කුවේට් සිට පැමිණි පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය .
අද දිනය අවසානය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 71,211ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 65,053ක් වේ .
ඒ අනුව දැනට රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,788ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය .