වැඩිහිටිකන්දේ පහළ මළුවේ සිට ඉහළ මළුව දක්වා බැතිමතුන්ව ප්රවාහනය කරන කැබ් රථයක් අද දහවල් කන්ද උඩදී පෙරලීමෙන් කාන්තාවන් 08 දෙනෙක් තුවාල ලබා කතරගම රෝහලට ඇතුලත්කර ඇත.
තුවාලකරුවන් අතර අවුරුදු 10ක ගැහුණු දරුවෙක්ද සිටින බව කතරගම පොලීසිය කියයි.
රියදුරුට මෙහෙදි කිසිදු හානියක් සිදුව නැත. තුවාලකරුවන් වව්නියාව සහ ත්රිකුණාමලය යන ප්රදේශවල පදිංචිකරුවන්ය.
තුවාලකරුවන් අතර බරපතල තත්ත්වයේ කිසිවෙක් නොමැති බව කතරගම රෝහල් තොරතුරු සඳහන් කළේය.